Saturday, April 27, 2024

General line - 0115112241

උපයෝගීතා කොමිසමට අලුත් මූණක් තේරීම කල් යන ලකුණු




මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා තෝරා ගැනීම ලබන මාසය දක්වා කල් යනු ඇති බවට වාර්තා පළවනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නව සභාපතිවරයා පත්කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්විය යුතු බවයි.

ඒ අනුව ලබන ජුනි මස 5 වනදා ව්‍යවස්ථාදායක සභාව රැස්වී මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා තෝරාගනු ඇති බවටයි වාර්තා වන්නේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවුණා. ඒ, හිටපු සභාපති ජනක රත්නායක හේතුවෙන්. ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින්ද පසුවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව යනු විදුලි ගාස්තු සංශෝධනය කිරීම ඇතුලු විදුලි බල ක්ෂේත්‍රයේ තීරණාත්මක තීන්දු තීරණවලට මැදිහත් වන ප්‍රධාන කොමිෂන් සභාවයි.

ඒ අනුව එහි සභාපති තනතුරට පත්වන පුද්ගලයා කවුරුන්දැයි යන්න පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත්කළ යුත්තේ කවුරුන්දැයි හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.