Friday, March 29, 2024

General line - 0115112241

පොසොන් උත්සවය පැවැත්වීම ගැන මිහින්තලේ රාජමහා විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක්




රජයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් නොකළද තමන් වහන්සේ කෙසේ හෝ මුදල් සොයාගෙන මෙවර පොසොන් උත්සවය පවත්වන බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ මුදල් ගෙවීමකින් තොරව ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවයි.

පොසොන් උත්සවයට වැයවන මුදල සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. 

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කිරීම හේතුවෙන් සියලු වියදම් රජය විසින් දරන බවට ජනතාවගේ මතයක් පවතිනවා. එහෙත් සියලු වියදම් රජය විසින් සිදුනොකරන බවයි මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ ලබාදිය හැකි උපරිම මුදල් මේ වන විට ලබාදී ඇති බවයි.