Friday, May 17, 2024

General line - 0115112241

පොසොන් උත්සවයේ රාජ්‍ය නම ගැලවෙයිද? ඇමති විදුරගෙන් උත්තර




මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්‍ද්‍ර කර ගනිමින් පවත්වන පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් හා ගැසට් නිවේදනයක් මගින් බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.  

මෙවර පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නොමැති බැවින් එය  රාජ්‍ය උත්සවයක් ලෙස නොපවත්වන බවට මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඊයේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පොසොන් උත්සවය සදහා මීට වඩා වැඩි දායකත්වයක් ලබාදීමට රජයට හැකියාවක් නොමැති බවයි.

මහා භාණ්ඩාගාරය මගින් ඒ සදහා  වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 3 යි දශම එකක මුදලක් පමණක් බවද  අමාත්‍යවරයා කියාසිටියා.

ඊට වඩා වැඩි මුදලක් එම වැඩසටහන වෙනුවෙන් ලබාදීමට විකල්පයක් නොමැති  බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සදහන් කළේ.