Saturday, April 27, 2024

General line - 0115112241

අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ




ලෝක දුම්වැටි විරෝධී දිනය ඊයේ දිනයට යෙදී තිබුනා.

මෙවර එහි තේමාව වී තිබුනේ  "අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ" යන්නයි.

ඒ අනුව ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ලංකාව පුරා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබුනා.

මෙම ජාතික වැඩසටහන හා සම්බන්ධව ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හරහා ජනතාව දැනුවත් කරමින් මෙම සතිය පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, දිවයින පුරා සියලුම දුම්රිය ස්ථානවල "සිගරට් අපරාධයක්" යන පණිවුඩය ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.

ADIC ආයතනය විසින් සකස් කරන ලද "සිගරට් අපරාධයක්" යන පණිවුඩය සමාජගත කිරීම සඳහා ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙකුද ඔවුන්ගේ සමාජමාධ්‍ය හරහා එම පණිවුඩය පල කරමින් සහයෝගය ලබා දී තිබීම විශේෂත්වයක් වෙනවා.

YAN Sri Lanka තරුණ ජාලයේ ස්වෙච්ඡා ක්‍රියාකාරී තරුණ තරුණියන් විසින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි දිවයින පුරා, ජනතාව දැනුවත් කරමින්, town campaign සහ poster campaign 40 කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබෙන අතර  මෙම සතිය පුරාම එම වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි ADIC ආයතනයේ සාමාජිකයන් පවසා සිටියේ.