Friday, April 26, 2024

General line - 0115112241

පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට ජනපති පොදු සමාව




පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 440 දෙනෙකුට පොදු සමාව ලබා දී තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.

එලෙස ජනපති පොදු සමාව හිමිවූවන් අතර සිරකාරියන් 06දෙනෙකුද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.