Friday, May 3, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක බව යුක්රේනය කියයි




රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා තම රට දිගු කලක් බලා සිටි ප්‍රතිප්‍රහාරය ආරම්භ කර ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙසේකි පවසා තිබෙනවා. ඒ, ඔහු කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හමුවූ අවස්ථාවේදීයි. කැනඩාවේ ජනාධිපතිවරයා ඊයේ හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ තිබුණා. එහිදී යුක්රේන ජනාධිපතිවරයා විසින් ඔහුව ඉතා උණුසුම් අයුරින් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම අසීරු අවස්ථාවේදී යුක්රේනයට සහය ලබාදෙන බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබෙනවා