Friday, May 10, 2024

General line - 0115112241

රුසියාව සතු න්‍යෂ්ටික අවි තවත් දින කිහිපයකින් බෙලරූස් රාජ්‍යයේ




රුසියාව සතු න්‍යෂ්ටික අවි තවත් දින කිහිපයකින් බෙලරූස් රාජ්‍යයේ ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වනවා.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ තවත් දින 07 කින් පමණ රුසියාවේ එම අවි ආයුධ සිය රට තුළ ස්ථාපිත කරනු ඇති බවයි.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව රුසියාව තමන් සතු න්‍යෂ්ටික අවි විදෙස් රටක ස්ථාපිත කරන පළමු අවස්ථාව මෙය වනවා. 

කෙසේවෙතත් රුසියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම රටවල් පවසන්නේ යුක්රේන යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් රුසියාවට අනතුරු අගවා සිටින බවයි.

කෙසේවෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බෙලරූස් රාජ්‍යය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීම සාධාරණීකරණය කර තිබෙනවා.

ඔහු පවසන්නේ අමෙරිකාව ද දශක කිහිපයක් පුරාවට සිය අවි ආයුධ යුරෝපානු රටවල ස්ථාපිත කර ඇති බවයි.