Wednesday, May 8, 2024

General line - 0115112241

තරුණ පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය ජනපති ලේකම් කාර්යාලයේදී




ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය ජුනි මස 17 සහ 18 යන දෙදින පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදීයි. මෙවර පාර්ලිමේන්තුවේදී “යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත” පිළිබඳව විවාද කිරීමට නියමිත බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ. මෙවර තරුණ පාර්ලිමේන්තුව සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 360 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.