Wednesday, May 8, 2024

General line - 0115112241

යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් ගිනස් පොතට




කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවාග එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇති බවයි යුද හමුදාව පැවසුවේග පසුගිය පළමුවැනිදා එම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් වෛද්‍ය කේග සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින්ග එම ශල්‍යකර්මයේදී ඉවත්කළ වකුගඩු ආශ්‍රිත ගලේ දිග සෙන්ටිමීටර 13 යි දශම 3 යි 7 යි 2 ක් සහ සහ එහි බර ග්‍රෑම් 801 ක් වන බවයි යුද හමුදාව පැවසුවේග
ගිනස් ලෝක වාර්තාවට අනුවල ලෝකයේ මේ වන විට හමුවී ඇති වකුගඩු ආශ්‍රිත දිගම ගල 2004 වසරේ ඉන්දියාවේදී සිදුකරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති බවද යුද හමුදාව පැවසුවාග එය සෙන්ටිමීටර 13 ක් දිගකින් යුක්තයිග බරින් වැඩිම වකුගඩු ගල හමුවී ඇත්තේ 2008 වසරේදීයිග පකිස්ථානයෙන් හමුවී ඇති එම වකුගඩු ගලෙහි බර ග්‍රෑම් 620 ක් බව සදහන්ග