Wednesday, May 8, 2024

General line - 0115112241

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගැරූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට




විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ 20,000 ක මුදලක් වංචාකිරීමේ සිද්ධියකට අදාළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට ලද පැමිණිලි 06 කට අදාලව සිදුකළ විමර්ශනවලදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන, බෙලිගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අඹුසැමි යුවලක්.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් රවටා එලෙස මුදල් වංචාකර ඇති බව සිදුකළ විමර්ශණවලදී අනාවරණවූ බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46 දෙනෙකු ඉදිරිපත්වී ඇති බවද පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය කෑගල්ල මහේස්ත්‍රත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.