Wednesday, May 8, 2024

General line - 0115112241

රත්ගම ප්‍රදේශයේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

ලලිත් චාමින්ද




රත්ගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිගගොස් තරුණයකුගේ හිසට පොල්ලකින් පහරදි බරපතල තුවාල  සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්ශවය ගාල්ල නගරයේ පැවති සංගිත සංදර්ශනයක් නැරඹිමට ගිය අවස්ථාවේ මොවුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

පසුව එක් කණ්ඩායමක් සංගිත සංදර්ශනය අවසන් වි පැමිණ මග රැක සිට අනික් පාර්ශවයේ තරුණයකුට පොල්ලකින් හිසට පහරදි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.