Wednesday, May 8, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසියයෙන් වෙඩි ප්‍රහාරයක්

ප්‍රදීප් බණ්ඩාර




අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට රඹුක්කන, දලුග්ගල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අලුයම වෙඩි තබා තිබෙනවා.

ඒ, රඹුක්කන පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් යොදා තිබු මාර්ග බාධකය අසලදීයි.

රඹුක්කන, හිරිවඩුන්න ප්‍රදේශයේ පුද්ගලයෙක් එලෙස තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් වම් අතට සහ වම් පාදයට තුවාල සිදුවූ ඔහු ප්‍රතිකාර සදහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවයි පොලීසිය පැවසුවේ.