Friday, May 10, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්ඳනා ධාතු නමස්කාරය යටිහෙලගලදී තවත් පැය කිහිපයක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා මහනුවර යටිහෙලගල රජමහා විහාරස්ථානයේදී අද මධ්‍යම රාත්‍රිය දක්වා සැදැහැවත් ඔබට එක්වීමට අවස්ථාව පවතිනවා.

නෙත් ශ්‍රාවක ඔබගේම දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රාජමහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩසිටින උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ, කේශධාතුන් වහන්සේ සහ 20 නමක් වූ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට සැදැහැවතුන්ට භාග්‍යය උදාවනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

හෙට පස්වරුවේ සිට ජුනි 19 වනදා දක්වා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට සැදැහවතුන්ට අවස්ථාව හිමිවනවා.

 

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ට්‍රැවල් නෙත් සහ වටවල රන් කහට බැතිබර අනුග්‍රාහකත්වය ලබාදෙනවා.