Friday, May 10, 2024

General line - 0115112241

රජයේ සේවකයින්ට සජබයෙන් දැනුම්දීමක්




පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා නව නීතිරීති ගෙනඑමින් පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුතු බව එම විෂය භාරව කටයුතු කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කිසිදිනෙක පුරාවිද්‍යාව ජාතිවාදී නොවිය යුතු බවයි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවකදී උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.

එහිදී මුලතිව් ප්‍රදේශයේ ඉඩමක් නිදහස් කිරීමට අදාළව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග ද එක්ව සිටියා.

කෙසේවෙතත් පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉල්ලා අස්වුණා.

තමන් පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද අදහස් පළ කළා. 

සමගි ජනබලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැක්වූයේ මෙවන් අදහසක්.