Friday, May 10, 2024

General line - 0115112241

ලොව විශාලතම වකුගඩු ආශ්‍රිත ගල ඉවත් කළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායමට ප්‍රශංසා පදක්කම්




වකුගඩු ආශ්‍රිත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ ප්‍රධානි ලුතිනන් කර්නල් වෛද්‍ය කේ.සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට “යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම්” පිරිනමා තිබෙනවා.

ඒ, යුද හමුදා මූලස්ථානයේදීයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් එම පදක්කම් පිරිනැමූ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ.

වකුගඩු ආශ්‍රිත හටගත් සෙන්ටිමීටර 13 යි දශම 3 යි 7 යි 2 ක දිගකින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත ගලක් ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහලේ ලුතිනන් කර්නල් වෛද්‍ය කේ.සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය සමත් වුණේ ඉකුත් බ්‍රහස්පතින්දා සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදීයි.