Friday, May 10, 2024

General line - 0115112241

ග්‍රීසියේ දරුණු බෝට්ටු අනතුරක්




ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන්වූ මුහුදු සීමාවේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරට පත්වූ තවත් සියයකට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සංක්‍රමණිකයින් රැගත් ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

මෙය ග්‍රීසියේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකය ලෙසටයි සැලකෙන්නේ.

ඒ අනුව ග්‍රීසියේ බලධාරීන් දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම පිරිස ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඉන් බහුතරය වයස අවුරුදු 20 සීමාවේ පසුවූ තරුණයින්.