Friday, May 10, 2024

General line - 0115112241

ලෝක බැංකුවෙන් මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මිලියන 3,800 ක්




ලෝක බැංකුව විසින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ 2023 සිට 2027 දක්වා ඉදිරි වසර පහක කාලයක කටයුතු සඳහා රුපියල් මිලියන 3,800ක මුදලක් ලබා දී තිබෙනවා.

ඒ අතරින් රුපියල් මිලියන 1,500ක් මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇති  බවයි.

මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,000ක මුදලක් ද වෙන් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග  අලුත්වැඩියා කිරීම සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.