Friday, May 10, 2024

General line - 0115112241

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට Biparjoy සුළි කුණාටුව දිස්වූ අයුරු  (VIDEO)




ගුජරාට් ප්‍රාන්තයට අද Biparjoy සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදෙන අයුරු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමියෙක් අභ්‍යවකාශයේ සිට වීඩියෝ ගත කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව වීඩියෝ ගත කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමියෙකු වන සුල්තාන් අල් නෙයාඩි විසින්.

ඔහු මේ පිළිබඳව ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙය පළකර තිබෙනවා.

ගුජරාට් වෙරළට කිලෝමීටර් 200 ක් පමණ ඔබ්බෙන් වූ Biparjoy සුළි කුණාටුව, ජකාවු වරාය අසල Mandvi සහ Karachi හරහා  හමා යනු ඇති බවත් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට තැඹිලි සහ කහ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ.

ඒ අනුව වෙරළබඩ ප්‍රදේශවලින් 74,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

3 වන කාණ්ඩයේ "ඉතා දරුණු සුළි කුණාටුවක්" ලෙස වර්ගීකරණය කර ඇති මෙම කුණාටුවේ වේගය පැයට කිලෝමීටර 120-130ත් අතර පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ