Sunday, May 5, 2024

General line - 0115112241

ඉඩම් අයිතිය ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ




ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.

කදුකර ජනතාවගේ ඉඩම් අයිතිය සදහා ව්‍යාපාරය මගින් එය සංවිධානය කර තිබෙනවා.

වතු ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වි ඇතත්, ඔවුන්ට ඉඩම් කැබැල්ලක් හෝ නිවාසයක් මෙතෙක් ලැබි නොමැති බවයි උද්ඝෝෂකයින් චෝදනා කළේ.

කිසිදු රජයක් වතු ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීිමට මෙතෙක් වැඩපි්ළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවටද ඔවුන් චෝදනා කළා.