Saturday, May 4, 2024

General line - 0115112241

පානදුර ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට




පානදුර ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා 29 හැවිරිදි වියේ පසුවන අතර අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පානදුර පොලිසිය පවසන්නේ 

මෙම පුද්ගලයා විසින් දිවා කාලයේදි නිවාස කිහිපයක් බිඳ දමා ඇති අතර එක් එක් නිවසකින් රුපියල් 225000 ක් , රුපියල් 90000 ක් රුපියල් 100000 ක් වටිනා රණ් ආභරණ සහ තවත් නිවසක්‌ බිද රුපියල් 97000 ක් වටිනා මුදල් හා රණ් ආභරණ සොරකම් කර තිබෙන බවයි පොලිසිය සදහන් කර සිටියේ.

තවද. මෙම පුද්ගලයා විසින් රුපියල් 200000 ක් වටිනා අංක VP BCN 3805 දරන ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක් ද සොරකම් කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 210000 ක් වටිනා ගෙල බැඳි රන් මාලය කොල්ලකා තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.