Saturday, May 4, 2024

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන් ගැන තීන්දුව ලබන සඳුදා දක්වා කල් දැමේ.




අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 26 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා

මේ අතර ඉකුත් වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය විසින් ලබන සදුදා දක්වා කල් තැබුවා.