Saturday, May 4, 2024

General line - 0115112241

ලොවක් කම්පා කරමින් ටයිටැනික් ළඟ මිහිදන් වූ ටයිටැන් ගැන අලුත්ම හෙළිදරවුවක්  




ටයිටෑන් සබ්මැරීන් අනතුර පිළිබඳව සමාජ මාධ්‍ය තුල මේවන විට  විවිධ පාර්ශව විවිධ මත පළ කරමින් සිටිනවා.

ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ ටයිටෑන් සබ්මැරීන අනතුර සම්බන්ධයෙන් ඇතැම් විග්‍රහයන්හි දැක්වෙන්නේ මෙම අනතුර පිටුපස සාපයක්, දෛවය, කර්මය හෝ අද්භූත බලපෑමක් ඇති බවයි.

ලොව සුපිරි තාක්ෂණයකින් යුක්ත මෙවැනි සබ්මැරීනයක් එවැනි බලපෑමක් නිසා අනතුරට ලක්විය හැකිද ගැටළුවක් වී තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලට අඩි 1,600කට ඈතින් මෙම සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව සබ්මැරීනය යම් ලෙසකින් පුපුරා විනාශ වී එහි ගමන්ගත් පස් දෙනාම ක්ෂණිකව මියගොස් ඇති බවත් සබ්මැරීනය පුපුරා ගිය නිශ්චිත වේලාව හෝ හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැති බවයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

මේ පිළිබඳව නෙත් නිවුස් කල විශේෂ වැඩසටහනක් පහතින්.