Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක්




ඉන්දීය මහ කොමසාරිස්වරයා අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් පවත්වා  තිබෙනවා.

එහිදී දෙරට අතර සහයෝගීතාවය සඳහා යෝජිත සැලැස්ම පිළිබඳව සාකච්ඡා කල බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

සංචාරක ප්‍රවර්ධනය සඳහා  දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගන්නා බවත්  ශ්‍රී ලංකාවේ ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික ගුවන් සමාගම් කැමැත්තෙන් සිටින බවද ඉන්දීය මහ කොමසාරිස් වරයා සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්  ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කරන ලෙස ඉල්ලීමක් සිදු කළා.

තවද ශ්‍රී ලංකාවේ ණය තිරසාර කිරීම සඳහා ණයහිමියන්ගේ මූල්‍ය සහතික අවශ්‍ය වන අතර ආර්ථික අර්බුදයේ දී  ශ්‍රී ලංකාව සඳහා සුදුසු IMF වැඩසටහනක් ලබා ගැනීමට සහය දැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තුතිය පළ කර සිටියා.