Wednesday, May 8, 2024

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි 800ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට




තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 800ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන චීන ජාතිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.