Friday, May 10, 2024

General line - 0115112241

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට




නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

සැකකාරිය සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 37 ක් සොයා ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කුරණ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ජූලි මස 04 වනදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් අනතුරුව සැකකාරිය පොලිස් ඇප මත මුදාහැරි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.