Friday, May 10, 2024

General line - 0115112241

පොලිස්පතිගේ සේවා දිගුව අවසන් - නව පොලිස්පති ගැන තීරණය ජනපති පැමිණීමෙන් පසු




පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලබාදී තිබූ සේවා දිගුව අදින් අවසන් වනවා.

ඒ අනුව හෙට දිනයේ සිට පොලිස්පති ධූරය පුරප්පාඩුව පවතින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඒ අනුව පොලිස්පති සී ඩී වික්‍රමරත්නට යළි සේවා දිගුවක් ලබාදෙන්නේ ද නැතිනම් වෙනත් අයෙකු පොලිස්පති ධූරය සඳහා පත්කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බැවින් ඉන් අනතුරුව පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.