Friday, May 10, 2024

General line - 0115112241

ප්‍රතිලාභ ලැබිය යුතු සියළු දෙනාට ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාවයි - රංජිත් සියඹලාපිටිය




අස්වැසුම සුභසාධන වැඩපිලිවෙලහි ඇති අඩුපාඩු හා ගැටළු පිලිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවත්, මුදල් අමාත්‍යශයේ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා සමඟ මේවනවිටත් ඒ පිළිබඳ සාකච්ඡා කර ගැටළු විසඳීමට පියවර ගනිමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සුභසාධන ප්‍රතිලාභ ලැබිය යුතු සියළු දෙනාට එම වැඩපිලිවෙල තුළින් ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.