Friday, May 10, 2024

General line - 0115112241

උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි




බක්කුල මහා සෑයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේලා,  කේෂ ධාතුන් වහන්සේලා සහ තවත් මහරහතුන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සෑ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සැදැහැවතුන්ගේ වන්දනාව වෙනුවෙන් පැවැත්වෙන උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි.

හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම ධාතු වන්දනාව සඳහා හෙට සහ අනිද්දා දිනවලදී ද සහභාගී වීමට සැදැහැවත් ඔබට අවස්ථාව පවතිනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ.