Friday, May 10, 2024

General line - 0115112241

ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් වෙනුවෙන් ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය




අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් වෙනුවෙන් ලෝක බැංකුව සමඟ ගිවිසුම්ගත වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම වසරේ සිට ලබන වසර දක්වා කාලය සඳහා සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැසටහන යටතේ ලෝක බැංකුවේ සහය ලබා ගැනීම පිණිස අදාළ සාකච්ඡා ඉකුත් මැයි 17වන දින පවත්වනු ලැබුවා.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන විශේෂ ගැනුම් හිමිකම් මිලියන 371යි දශම 2ක් වාරික දෙකකින් ලබා දීමට එකඟතාව පළ වී තිබෙනවා.

යෝජිත මූල්‍ය පහසුකම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිශ්කාෂණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ එකඟතාවද හිමි වී ඇති බව සඳහන්.

ඒ අනුව, එම මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාළව ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ගිවිසුමකට එළඹිමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.