Friday, May 10, 2024

General line - 0115112241

නව ගුවන් හමුදාපති කෙනෙක් ලඟදිම ?




ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණට ලබා දී තිබූ මාස 6ක සේවා දිගුව ලබන 30වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ගුවන් හමුදාපති ධූරයට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂර්ල් උදේනි රාජපක්ෂ පත්වනු ඇති බවටයි වාර්තා වුණේ. 

මේ අතර අද පෙරවරු 10ට ආරම්භ වූ ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති සී ඩී වික්‍රමරත්න කැඳවා තිබුණා.

ආරක්ෂක අමාත්‍යංශයේදී එම කවුන්සිලය ආරම්භ වුණා.

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට එම කවුන්සිලය වෙත කැඳවා ඇත්තේ ඔහුට ලබා දී තිබූ සේවා දිගුව පසුගිය 25 වනදායින් අවසන් වූ පසුබිමක් තුළයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරු 6ට පමණ පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සිය කාර්යාලයේ රාජකාරී සිදු කර ඇති බවයි වාර්තා වුණේ. 

මේ අතර පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් හෝ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී නොමැති බවද වැඩිදුරටත් වාර්තා වුණා.