Friday, October 18, 2024

General line - 0115112241

සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවෙන් පසු ඇති අභියෝගය ගැන ආර්ථික විශ්ලේෂකයෙකු පහදයි




දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වුවද ආණ්ඩුවට අභියෝගයක් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ විදේශීය පෞද්ගලික ණය හිමිකරුවන්ගෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එළඹෙන්නේ කෙසේදැයි එලෙස අභියෝගයක් පවතින බවයි.

විදේශිය පෞද්ගලික ණය හිමිකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

 

ජාත්‍යන්තර බැඳුම්කර හරහා පෞද්ගලික ණය හිමියන්ගෙන් ලබා ගෙන ඇති අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ප්‍රමාණය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ  පෙන්වා දුන්නා. 

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 60 කින් පසුගියදා සම්මත වුණා. එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 122 හිමි වූ අතර ඊට විපක්ෂව හිමි වූයේ ඡන්ද සංඛ්‍යාව 62ක් පමණයි.