Wednesday, January 15, 2025

General line - 0115112241

ළඟදීම සිදුවන පොලිස් ඉහළ පුටු මාරුවක් ගැන වාර්තා




ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාතට මාරුකර යැවීමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා 

මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අනුමැතිය තිබීම අනිවාර්ය වන නමුත් මෙම ස්ථාන මාරුව සඳහා අනුමැතියක් මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ  

මේ  අතර සබරගමු පළාතට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සංජිව ධර්මරත්න පත් කරනු ඇති බවට මේ වන විට විවිධ වාර්තා පළවෙමින් පවතිනවා 

එම  තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන  අජිත් රෝහණ මහතා සහ සංජිව මැදවත්ත මහතා පළමුව පත්කිරීමට නියමිතව තිබු බවටද විවිධ  වාර්තා පලවී තිබුනා 

එම  තනතුර සඳහා පත් කිරීමට නියමිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා  සහ දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>. කණින් කොණින්