Friday, May 3, 2024

General line - 0115112241

සකර්බර්ග්ගේ ත්‍රෙඩ්ස් ලෝක වාර්තාවක් තියයි




ලොව කෙටිම කාලයක් තුළ වැඩිම පිරිසක් බාගත කළ හෙවත් ඩවුන්ලෝඩ් කළ ජංගම දුරකථන යෙදවුම බවට ෆේස්බුක් හිමි මෙටා සමාගම ඊයේ දිනයේදී හඳුන්වා දුන් “ත්‍රෙඩ්ස්” පත්ව තිබෙනවා.

ඒ, පැය 16 ක් තුළ පුද්ගලයින් මිලියව 30 ක් එය බාගත කර ගැනීමත් සමඟයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ මෑත ඉතිහාසයේ පෙරළියක් කළ චැට් ඨඔඡ යෙදවුමයි. එය දින 05 ක් තුළ බාගත කර තිබූ සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

කෙසේවෙතත් මෙටා සමාගම ඊයේ දිනයේදී හඳුන්වා දුන් “ත්‍රෙඩ්ස්” මාස දෙකක් තුළ මිලියන 100 ක පිරිසක් බාගත කරනු ඇති බවටයි දැන් විශ්වාසය පළවී ඇත්තේ.

මෙම වාර්තාව පිළිබඳ තොරතුරුඅ අනාවරණය වුණේ “ත්‍රෙඩ්ස්” ජංගම දුරකථන යෙදවුමට එරෙහිව නඩු පැවරීමට ලොව ධනවතා වන එලෝන් මස්ක්ගේ ට්විටර් සමාගම සූදානම් වන බවට වාර්තා පළවන පසුබිමකයි.

එලෝන් මස්ක් ද පවසා ඇත්තේ තරඟය යහපත් වුවද වංචා කිරීම සුදුසු නොවන බවයි.

ලොව පුරා උන්මාදයක් සේ පැතිර යන “ත්‍රෙඩ්ස්” ජංගම දුරකථන යෙදවුම බාගත කරගනීම සහ ඒ සම්බන්ධයෙන් වන විශේෂ වාර්තාවක් නෙත් නිවුස් යූ ටියුඉ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.