Saturday, July 27, 2024

General line - 0115112241

උඩප්පුවේ කෝවිලක සොරකමක් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




උඩප්පුව, පොලිස් වසමේ කෝවිලක සිදු වූ සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පුලිච්චියාකුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදීයි. සැකකරුවන් විසින් අදාළ කෝවිලේ දේව පිළිමයක තිබූ රන් භාණ්ඩ සහ පිං කැටය තුළ තිබූ මුදල් සොරකම් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රන් භාණ්ඩ කිහිපයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම හා ආඬිගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.