Monday, April 29, 2024

General line - 0115112241

චීනය සහ රුසියාව අතර අර්බුදයක්




චිනය සහ රුසියාව අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඊට හේතු වී ඇත්තේ චීන ජාතිකයින් පිරිසකට රුසියාවට ඇතුළු වීම සඳහා රුසියානු බලධාරීන් විසින් අවසර ලබා නොදීමයි. ඉකුත් මාසයේ අග භාගයේදී කසකස්ථානයේ සිට රුසියාවට ඇතුලු විමට උත්සහ කළ චීන වැසියන් 5 දෙනෙකු රුසියානු බලධාරීන් විසින් පැය 4ක පරීක්ෂාවකට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරුව ඔවුන්ට රුසියාවට ඇතුලු විමට අවසර ලබා දීම රුසියානු බලධාරීන් විසින් ප්‍රතික්ශේප කර ඇති අතර එම චින ජාතිකයින්ගේ විසා බලපත්‍රද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. 


රුසියාවේ මෙම ක්‍රියා කලාපය එරට පිහිටි චින තානාපති කාර්යාලය මඟින් විවේචනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙවැනි ක්‍රියා දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතාවට නොගැළපෙන බවට එම තානාපති කාර්යාලය පවසනවා. එමෙන්ම, මෙම සිද්ධියේදී රුසියාව නීතිය තදින් ක්‍රියාත්මක කර ඇති බවත් එමඟින් සිය පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සදහා හානි සිදුව ඇති බවත් චීනය සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ දේශසීමා ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් හමුවී තිබුණා. 
එහිදී රුසියාව පවසා ඇත්තේ චින පුරවැසියන්ට වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තියක් සිය රට තුළ නොමැති බවයි. මතභේදයට තුඩු දුන් චීන ජාතිකයින් පස් දෙනාගේ වීසා ඉල්ලුම් පත්‍රයේ පැවති දෝෂ සහගත තත්ත්වයන් හමුවේ මෙම ගැටලුව නිර්මාණ්‍ය වූ බවයි රුසියාව සඳහන් කර ඇත්තේ. චීනය සහ රුසියාව යනු ලෝකයේ බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන අතර ඔවුන් සමීප මිතුරන්ද වනවා.