2024 වසරේ සිට පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එහෙත් සෑම පාඩමක් අවසානයේම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා, වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම, ඉදිරියේදී එක් පාසැල් වාරයක් සඳහා එක වැඩපොතක් වන සේ වාර තුන සඳහා පාසැල් වැඩපොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාසැල් සිසුන්ගේ පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමඟින් අපේක්ෂා කරන බවද අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා