2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බවයි.
යෝගට් සහ දේශීය කිරි මත පැනවූ එකතු කළ අගය මත වන බද්ද ඉවත් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ.
සේවා අපනයන සඳහා වන සියයට 30ක බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට එකඟතාවකට පැමිණි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බවයි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ.
ආන්දෝලනයට තුඩු දුන් පරාටේ නීතිය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ණය ලබා ගත් පුද්ගලයින්ට බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවස්ථාවක් සලසා දී ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ 2028 වන විට මෙරට විදෙස් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 15යි දශම එකක් දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බවයි.
යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇතැයි තමා තුළ දැඩි විශ්වාසයක් ඇති බවත් 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද වැඩිදුරටත් ප්‍රකාශ කළා.