Monday, April 29, 2024

General line - 0115112241

සිරගත කර සිටින ඉම්රාන් ඛාන් හමුවිමට නීතීඥයින්ට බාධා




වසර තුනක සිර දඬුවම් නියම වී මේවනවිට සිරගත කර සිටින පකිස්ථානයේ පී ටී අයි පක්ෂයේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් හමුවීමට ඔහුගේ නීතීඥයින්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන් මේවනවිට ඉස්ලාමාබාද් නුවර සිර මැදිරියක රඳවා සිටින බවයි.

ඔහු රඳවා සිටින ප්‍රදේශය ඇතුලු විමට නොහැකි කලාපයක් ලෙස සඳහන් කර ඇති බවද ඉම්රාන් ඛාන්ගේ නීතීඥයින් පවසනවා.

ඒ හමුවේ ඉම්රාන් ඛාන් හමුවීමට නොහැකි වූ බැවින් ඔහුට ආහාර ලබා දිමට හෝ නීතිමය ලියකියවිලි සඳහා අත්සන් ලබා ගැනීමට නොහැකි වූ බවද එම නිතීඥයින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ඉම්රාන් ඛාන් අද යළිත් අධිකරණය වෙත රැගෙන ඒමට නියමිත බවයි.

එහෙත් කිසිදු පාර්ශවයක් මේවනතෙක් ඒ බව තහවුරු කර නැහැ.

ටොෂකානා දූෂණ නඩු විභාගය හමුවේ පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉකුත්දා වසර 3ක සිර දඬුවමක් නියම වුණා.

එමෙන්ම, ඔහුට ඉදිරි වසර 5ක කාලය සඳහා දේශපාලන කටයුතුවල නිරත වීමට නොහැකි වන පරිදි අධිකරණ නියෝගයක්ද පනවා තිබෙනවා.