Monday, April 29, 2024

General line - 0115112241

පකිස්ථානයේ මහ මැතිවරණය යළි කල්යන ලකුණු




පකිස්ථානයේ මහ මැතිවරණය යළිත් කල් යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලාහ් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේබව සඳහන් කළා.

ඒ අනුව, අමාත්‍යවරයා පවසන්නේ ඇතැම් විට පකිස්ථාන මහ මැතිවරණය ලබන මාර්තු මාසය දක්වා කල් යනු ඇති බවයි.

සංගණනයක් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සීමා නිර්ණය කිරීමක් හේතුවෙන් මෙලෙස මහ මැතිවරණය කල් යනු ඇති බවයි පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලාහ් පවසා ඇත්තේ.

මීට පෙර සැලසුම් කර තිබුණේ ලබන ඔක්තොම්බර් මාසයේ හෝ නොවැම්බර් මාසයේදී පකිස්ථානයේ මහ මැතිවරණය පැවැත්විමටයි.

ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට දිනයේ විසුරුවා හරින බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ද ඉකුත් දා නිවේදනය කළා.

ඒ අනුව, හෙට දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් දින 90ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා.