Monday, April 29, 2024

General line - 0115112241

චීනය සහ පිලිපීනය අතර අර්බුධයක්




චීනය සහ පිලිපීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙනවා.

ඒ, පිලිපීන හමුදාවට ආහාර ජලය සහ ඉන්ධන රැගෙන යමින් තිබූ නෞකා පෙළකට චීනයේ වෙරළ ආරක්ෂක බලකාය විසින් ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි.

අදාළ සිද්ධිය සම්බන්යෙන් පිලිපීනය චීනයට දැඩි විරෝධය පළ කළ අතර අදාළ සිද්ධියට කරුණු විමසීම සඳහා පිලිපීනයේ චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ද කැඳවා තිබෙනවා. 

කෙසේවෙතත් චීනය පවසන්නේ පිලිපීන නෞකා සිය මුහුදු සීමාව උල්ලංඝනය කළ බැවින් අවශ්‍ය පාලනය සිදු කළ බවයි.

මේ අතර මතභේදාත්මක මුහුදු කලාපයේ රඳවා තිබෙන දෙවන ලෝක යුධ සමයේ භාවිත කරන ලද භූ ගත යුධ නෞකාවක් ඉවත් කර ගන්නා ලෙස චීනය පිලිපීනයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චින විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඒ බව දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.