Thursday, February 20, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා බාලදක්ෂයින් කොරියානු ජම්බෝරි භූමියෙන් ඉවත් කරගනී



කොරියාවේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගීවූ ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම, සෙමන්ගම් ජම්බෝරි භූමියෙන් ඉවත් කරගෙන තිබෙනවා.

ඒ, එරටට බලපෑමට නියමිත ඛනුන් සුළි කුණාටුව හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම සෝල් නගරයට නුදුරින් පිහිටි චොනාන්හි ඩන්ග්කුක් විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගිය බවයි විදේශ කටයුතු අමාතංශය පැවසුවේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නිරුපද්‍රිතව ඔවුන්ගේ නවාතැනට පැමිණ ඇති අතර බව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් එම අමාත්‍යංශය සඳහන් කළා.