Thursday, February 13, 2025

General line - 0115112241

පානදුර මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුම්




පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පානදුර දකුණ පොලීසිය පවසනවා. 

අතුරුදන් වූ එම එම සිසුවා තවත් ළමුන් 12 දෙනෙකු සමග ඊයේ පස්වරුවේ පානදුර මුහුදේ ගිලීගිය නෞකාව අසල දියනෑමට ගොස් තිබුණා. 

එහිදී ඔවුන් දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. 

එම වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ළමුන් 11 දෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර එක් ළමයෙකු අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අතුරුදන් වූ සිසුවා වයස අවුරුදු 18ක් වූ කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Media on 2025.02.13 at 0545 දෛනික මාධ්‍ය නිවේදනය by Nethfm on Scribd