Tuesday, May 7, 2024

General line - 0115112241

පාකිස්තානයේ දේශපාලන අර්බුදය උග්‍ර අතට




පාකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රමාද වනු ඇති බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

පාකිස්තාන මැතිවරණ කොමිශන් සභාව පවසන්නේ පාකිස්තාන මැතිවරණ සීමාවන් යළි සකස් කළ යුතු තත්ත්වයකට පත්ව ඇති බවයි.

අලුතින් මැතිවරණය පැවැත්වීමට පෙර සංඝණනයක් පැවැත්විය යුතු බවයි එරට මැතිවරණ කොමිසම පවසා ඇත්තේ.

පාකිස්තාන පාර්ලිමේන්තුව මේ වන විට නිළ වශයෙන් විසුරුවාහැර තිබෙනවා.

ඒ අනුව දින 90 ක් තුළ මැතිවරණය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එහෙත් පවතින තත්ත්වය මත මහමැතිවරණය දින නියමයකින් තොරව කල් යනු ඇති බවට වාර්තා පළ වනවා. 

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත්දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් වසර 05 කට අත්හිටුවා තිබෙනවා.

පාකිස්තාන ජාතික සභාවද විසුරුවාහැර ඇති බැවින් අන්තර්වාර නායකයෙකු දින 03 ක් තුළ පත්කිරීමට නියමිතයි.