Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති විශ්වාසය රැකගනී




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් මෝදි රජය ජයගැනීමට සමත්ව තිබෙනවා.

කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ පසුගිය 26 වැනිදායි.

ඊට අදාළ විවාදය පසුගිය 8 වැනිදා සිට ආරම්භ වුණා. 

දින තුනක විවාදයකින් පසුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය, විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සමත් වුණා.

ඡන්ද විමසීම වාචිකව පැවති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඡන්ද විමසීමෙන් පසුව සභාව ඇමතූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සිය රජයට එල්ලවූ විශ්වාසභංග යෝජනාව හේතුවෙන් වත්මන් රජයේ විශ්වාසය තවත් වැඩිවූ බවයි.

2024 වසරේ අඛණ්ඩව තුන්වන වරටත් තම රජය යළි බලයට පත්වනු ඇති බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළා.