Wednesday, May 8, 2024

General line - 0115112241

වසර 47කට පසු රුසියාව යළි හඳ අල්ලන්න සැරසෙයි




සිය පළමු චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 47කට පසු පළමුවරට අද රුසියාව විසින් තවත් චන්ද්‍ර මෙහෙයුමක් ආරම්භ කළා. එය නම් කර ඇත්තේ ලූනා 25 යනුවෙන්.

 

රුසියවේ අරමුණ වන්නේ සඳ මතුපිට දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බෑමක් සිදු කළ පළමු රට බවට පත් වීමටයි. සඳ මත ද්‍රව අයිස් සොයා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණයි. 


අභ්‍යාවකාශ යානය රැගත් රොකට්ටුව එරට වේලාවෙන් අද අලුයම 2යි 11ට මොස්කව් සිට කිලෝමිටර් 5,550ක් නැගෙනහිරින් පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් සඳ බලා ගමන් කළා. පැයකට අධික කාලයකන් පසු පෘථිවි කක්ෂයෙන් මිදුණු අභ්‍යාවකාශ යානය අගෝස්තු 21වනදා සඳ මත ගොඩ බෑමට නියමිතයි. මෙම මෙහෙයුම වසරක කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


රුසියාව සඳ ගවේෂණ මෙහෙයුම් පළමු වරට ආරම්භ කළේ 1976 වසරේයි. ඉන්දියාව විසින් චන්ද්‍රයාන් ත්‍රී අභ්‍යාවකාශ මෙහෙයුම සිදු කර මාසයකට පසුව රුසියාව මෙම මෙහෙයුම දියත් කිරීම විශේෂත්වයක්. ඔවුන්ගේ මීළඟ අරමුණ වන්නේ චීනය සමඟ එක්ව මිනිසුන් සහිත සඳ ගවේෂණ මෙහෙයෙුමක් දියත් කිරීමයි.