Wednesday, May 8, 2024

General line - 0115112241

චීනය කාල බෝම්බයක් ඇමරිකාව කියයි




චීනය යනු කාල බෝම්බයක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ චීනය ලොව රටවලට එල්ල කරන ආර්ථික හා සමාජයිය බලපෑම් සම්බන්ධයෙන් පෙන්වා දෙමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නරක පුද්ගලයින්ට ගැටළු ඇතිවූ විට ඔවුන් සිදු කරන්නේ නරක දේ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

චීනයත් කරදරයක වැටී සිටින බවත් ඔවුන් ආර්ථික හා සමාජීය ගැටලුවලින් වටවී ඇති බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.