Sunday, May 5, 2024

General line - 0115112241

ජපන් තානාපති කාර්යාලයට චීනයේදී ගල් මුල් ප්‍රහාර




ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ජලය මුදා හැරීම ආරම්භ කිරීමෙන් පසු උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය සමබන්ධයෙන් ජපානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ පිහිටි ජපන් තානාපති කාර්යාලයට සහ ජපන් පාසැල්වලට ගල් මුල් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන්ද ජපානය චෝදනා කරන බවයි. පවතින තත්ත්වය හමුවේ තානාපති කාර්යාලය හා පාසැල් අවට ප්‍රදේශය ආශ්‍රිත ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පැවසුවේ චීනයෙන් එල්ල වන මෙවැනි අනිසි බලපෑම් කණගාටුවට කරුණක් බවයි. 

පවතින තත්ත්වය හමුවේ ජපානයේ චීන තානාපතිවරයා ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටි බවට ජපන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

සන්සුන්ව හා වගකීමෙන් කටයුතු කරන මෙන් චීන ජනතාවගෙන් ඉල්ලා සිටින බව තානාපතිවරයාට දැන්වූ බවයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පැවසුවේ. 

ජපානයේ පිහිටි ව්‍යාපාරික ස්ථානවලට චීන දුරකථන අංක හරහා ලැබෙන ඇමතුම්වලින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන බවටද ජපානය චෝදනා කළා. එවැනි ඇමතුම් දහස් ගණනක් ලැබී ඇති බවයි ජපානය පවසන්නේ.