Monday, April 29, 2024

General line - 0115112241

අධික වැසි හේතුවෙන් හොංකොං සහ චීනයේ දකුණු දිග නගර රැසක් ජලයෙන් යට වෙයි




අධික වැසි හේතුවෙන් හොංකොං සහ චීනයේ දකුණු දිග නගර රැසක් ජලයෙන් යට වි තිබෙනවා. හොංකොං රාජ්‍යයට මෙතරම් දරුණු වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ වසර 140කට පසු පළමුවරටයි. මේ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත පාසැල් සහ සේවා ස්ථාන වසා දැමීමටයි හොංකොං බලධාරීන් කටයුතු කර ඇත්තේ. හොංකොංහි බොහෝ උමං දුම්රිය මාර්ග මෙන්ම ප්‍රධාන මාර්ගද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. ගංවතුරට ලක් වීමෙන් රෝහල් ගත කර ඇති සංඛ්‍යාව සියයකට අධිකයි. 


හොංකොං රාජ්‍යයට මිලි මීටර් 158යි දශම 1ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මීට පෙර මෙතරම් අධික වර්ෂවක් අද හැලි ඇත්තේ 1884 වසරේදීයි. චිනයේ දකුණු දිග ප්‍රදේශවලටද මේදිනවල ඇද හැලෙන්නේ 1952 වසරෙන් පසු ඇද හැලෙන අධිකම වර්ෂාපතනයයි.