Monday, April 29, 2024

General line - 0115112241

ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයින් එකිනෙකා මුණ ගැසෙන ජී 20 සමුළුව අද සහ හෙට




ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයින් එකිනෙකා මුණ ගැසෙන ජී 20 සමුළුව සදහා මේ වනවිට ඉන්දියාව සූදානම් වෙමින් පවතිනවා. අද සහ හෙට සමුළුව පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගිවීමට ලොව ප්‍රබල රටවල නායකයින් මේ වනවිටත් ඉන්දියාවට පැමිණෙමින් සිටිනවා. ඒ අතරට අමෙරිකානු සහ බි්‍රතාන්‍ය රාජ්‍ය නායකයින්ද අයත්.


ජී 20 සමුළුව යනු ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් 19 සහ යුරෝපා සංගමයේ එකතුවෙන් පැවැත්වෙන ලොව ප්‍රධානතම සමුළුවක්. ජී 20 රටවල් ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 85 ක් සහ ලෝක වෙළදාමෙන් සියයට 75ක් නියෝජනය කරනවා. ගෝලීය ජනගහණයෙන් තුනෙන් දෙකක් නියෝජනය කරන්නේ ජී 20 රටවල්.