Monday, April 29, 2024

General line - 0115112241

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය පිරිස 2,000 ඉක්මවයි




මොරොක්කෝවට බලපෑ මැග්නිටියුඩ් ඒකක 6යි දශම 8ක් ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා තිබෙනවා. 

ඒ අනුව, මොරොක්කෝවෙන් මේවනවිට මරණ 2,012ක් වාර්තා වන බවත් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

භූ කම්පනයෙන් පුද්ගලයින් 2,059 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඉන් පුද්ගලයින් 1,404 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. 

තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ජීවිත ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

එහෙත් භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ කඳුකර ප්‍රදේශයට බැවින් සහන මෙහෙයුම් අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

අතුරුදන් වූවන් අතර විදේශිකයින්ද සිටින බවයි වාර්තා වන්නේ. 

පවතින තත්ත්වය හමුවේ මොරොක්කෝවට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොරොක්කෝවේ මරාකේෂ් ප්‍රදේශයටයි.